Gossips

ඉන්ටපෝල් ප්‍රධානියා චීනයේදී අතුරුදන්

ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් සේවාවේ චීන ජාතික ප්‍රධානියා වන මෙන් හොන්වේ සිය මව් රටේ සංචාරයකදී අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර පොලීසියේ මූලස්ථානය ප්‍රංශයේ පිහිටා ඇති අතර, එහි සිට ඔහු චීනයට පැමිණ ඇත්තේ පසුගිය සැප්තැම්බර් 25 වන දායි.
64 හැවිරිදි මෙන් හොන්වේ අපරාධ මැඬලීම සහ පොලිස් කටයුතු පිළිබද වසර 40ක පළපුරුද්දක් සහිත අයෙකු වන අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිළදරුවෙක් ද වනවා.
ආරංචි මාර්ග උපුටා දක්වමින් හොංකොං හි සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත්පත සඳහන් කළේ ඔහු චීන බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවයි.