පොළොන්නරුවේ ඉදි කෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ එක් වුණා.
මෙහිදී රෝහලේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස චීන රජයේ ආධාර මත ඉදි කෙරෙන මෙම රෝහලේ කටයුතු 2020 ජූලි මාසයේදී අවසන් කිරීමට නියමිතයි.
