Gossips

ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් භාරදී අවසන් – අගමැති

ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
සිංගප්පූරුවේ උපදේශකත්වය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු මෙරට ආයතනවල දායකත්වයෙන් සැකසූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහා සැලැස්ම අග්‍රාමාත්‍යවරයාට භාරදීම සඳහා පැවති මෙම උත්සවයට විපක්ෂනායක ආර්ග සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.