Gossips

ඉදිරි වසර දෙක තුළ මත් උවදුර මුළුමනින්ම තුරන් කළ හැකි බවට අපේක්ෂා

රටේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඉදිරි වසර දෙක ඇතුළත මුළුමනින්ම තුරන් කිරීමට අපේක්ෂා කරන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය පිළිබදව දැනුවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් කොළඹ අද පෙරවරුවේ පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් සිල්වා ද එක්ව සිටියා.