Gossips

ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ පොහොට්ටුවෙන් – නිමල් ලන්සා

ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් තරග වැදීමට අදහස් කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සන්ධාන මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් විපක්ෂයේ සන්ධාන මන්ත්‍රීවරුන්ට ගැටළුවක් ඇති නොවන බවද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේ ආණ්ඩුව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින්.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග කියා සිටියේ ආණ්ඩු විරෝධී බොහෝ පක්ෂ සහ සංවිධාන පොහොට්ටුව ලකුණින් තරග වැදීම සඳහා මේ වනවිටත් සාකච්ඡා සිදුකර ඇති බවයි.