Gossips

ඉදිරි මාස දෙක තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා ස්ථිරවම මරණ දඩුවම – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

ඉදිරි මාස දෙක ඇතුළත ස්ථිර වශයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
වරදකරුවන් භාරදීමේ පනත යටතේ නියමයන් සහ ණය සහනදායක ආඥාපනත යටතේ වූ නියමයන් පිළිබඳ විවාදයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
තමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට අදාළව මීට දින හතරකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.