Gossips

ඉදිරි පැය 6 තුළ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු සමඟ තද වැසි

සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ක කාලය තුළ ප්‍රබල අකුණු සහිත මිලිමීටර 100 වැඩි තද වැසි සමඟ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම අද රාත්‍රියේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 ක 80 පමණ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.