ඉදිරි පැය 6 ක කාලය තුල පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව කියාසිටියේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මෙම වැසි තත්වය පවතින බවයි.
මෙම කාලය තුල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාව ද පවතිනවා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි.
මේවන විට කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වලට තද වැසි ලැබෙමින් පවතින අතර එම තත්වය ඉදිරි පැය කිහිපය තුලදී තවදුරටත් පවතිනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසටයි දැනුම් දෙන්නේ.
බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැලකිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි.
මේ අතර මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 ක් 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රලු වීමට වැඩි හැකියාවක් ද පවතිනවා.
මේ පිළිබඳ අවදානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දෙන්නේ.
දිවයිනට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුලු පද්ධතියක් වර්ධනය වීම මෙම වැසි තත්වයේ වර්ධනයට හේතුවයි.
මේ අතර ගසක් කඩා වැටීමෙන් කොළඹ 7 මේට්ලන්ඩ් පෙදෙසේ මාර්ගවල අවහිරතාවක් මතුවී තිබෙනවා.
එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම්දෙන්නේ.