Gossips

ඉදිරි පැය 4 තුළ පළාත් කිහිපයකට වැසි

ඉදිරි පැය 4ක පමණ කාලය තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ගිගුරුම් සහිත වැසිත් සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බවයි.
එමෙන්ම අකුණු අනතුරු වැළැක්වීම සඳහා අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.