Gossips

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 පමණ වූ තද වැසි

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය මේ වනවිට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිසා හෙට සහ අනිද්දා දිනවලදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 පමණ වූ තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.