ඉදිරි පැය කිහිපය තුළදී උතුර, උතුරුමැද යන පළාත්වලට සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයිනට ඊසාන දිග ප්‍රදේශයේ වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙලෙස වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් ගත වූ පැය කිහිපය තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි වාර්තා වී තිබෙනවා.
