Gossips

ඉදිරි පැය 16 සබරගමුව, මධ්‍යම පළාත්වලට තද වැසි

ඉදිරි පැය 16 තුල සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ක 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.
එමෙන්ම, බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.