Gossips

ඉදිරි පැය 12 තුළ මුහුදේ සුළං වැඩිවීමේ අවදානමක්

ඉදිරි පැය 12 තුළ මන්නාරම් බොක්කේ සහ මීගමුවේ සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
එසේම උතුර පළාත හැර අනෙකුත් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඔවුන් නිවේදනය කළා.