බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුර යන පළාත්වලට ඉදිරි පැය 6 තුලදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එහිදී ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.
කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.
එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.
තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.
හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල මහජනතාව සදහා විශේෂයෙන් නිකුත් කළ අකුණු අනතුරු ඇඟවීමේ සිතියම පහතින්.