Gossips

ඉදිරි පැය කිහිපය තුල කාලගුණයේ වෙනසක්

අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එම කාලය තුළ ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.