Gossips

ඉදිරි පැය කිහිපය තුලදී පළාත් කිහිපයකට සිදුවන දේ මෙන්න

ඉදිරි පැය කිහිපය තුලදී පළාත් කිහිපයකට සිදුවන දේ මෙන්න ""
පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
දිවයින පුරා අද පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, කළුතර, පොළොන්නරුව සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ තද වැසි ඇතිවිය හැකි අතර, එම අවස්ථාවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා තද සුළං ද ඇතිවිය හැකියි.