Gossips

ඉදිරි පැය කිහිපයේත් තද වැසි

පළාත් රැසකට පැය 9 ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය දෙකකට අධික කාලයක් ක්‍රියාත්මකයි.
අද පස්වරු එකට, ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං සහිත මෙම කාලගුණ අනතුරු ඇඟවීම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහායි නිකුත් කරනු ලැබුවේ.
අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මධ්‍ය කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මීදුම සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.
එසේම මන්නාරමේ සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ සුළං වේගයද පැයට කිලෝමීටර 70 – 80 දක්වා ක්‍ෂණිකව ඉහළ යාමේ අවදානමක් පවතිනවා.
ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.