Gossips

ඉදිරි දින දෙකේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින 2 තුල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර, උතුරුමැද, උතුර සහ ඌව පළාත්වලට මෙන්ම, මාතලේ දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකියි.