Gossips

ඉදිරි දින කිහිපය තුළ හදිසි තත්ත්වය ඉවත් කරන බව නීතිය හා සාමය ඇමති කියයි

ඇතැම් දේශපාලනඥයින් ජාතිවාදය පතුරුවා වාසි ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැකීමට අද (15) පැමිණි අවස්ථාවේදීයි.
ඉන් අනතුරුව, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මහනුවර ශාඛාවේ නියෝජිතයින් පිරිසක් හමුවුණා.
මේ අතර, නීතිය, සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මහනුවර සිද්ධියට පිටස්තර ප්‍රදේශවලින් පැමිණි බහුතර පිරිසක් සම්බන්ධ වී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ හදිසි තත්ත්වය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකරන බව ද ඔහු කියා සිටියා.