Gossips

ඉදිරි දින කිහිපයේ සුළඟේ වේගය ඉහළට – අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයින හරහා විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
දිවයිනේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.
වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද දැනුම් දෙනවා.