Gossips

ඉදිරි දින කිහිපයේ සුළං වේගයේ වැඩිවීමක් – අද ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඉදිරි දින කිහිපයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් 45ක් පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.
එමෙන්ම අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශාමිකා පියුමලී දිසානායක සඳහන් කළේ.