Gossips

ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවෙයි

හෙට සහ අනිද්දා දිනවල දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වඩා තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැගෙනහිර පළාතේත් යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.