Gossips

ඉදිරි දින කිහිපයේ කාලගුණ තත්ත්වය

ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලබන 26 වැනි දින දක්වා මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපැවැත්විය හැකි බවයි.
මේ අතර හෙට දිනයේද වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය පවසනවා.