Gossips

ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ ප්‍රබල අකුණු සහිත තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සබරගමුව,ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපාරොත්තු විය හැකියි.
අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකම තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.