Gossips

ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ වෙනසක්

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
බස්නාහිර සහ ඌව පළාත්වලත් කෑගල්ල, පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.