Gossips

ඉදිරි දිනවලදී වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා වූ ප්‍රහාරාත්මක සුළං තත්ත්වයන් ද බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.