Gossips

ඉදිරි දිනවලත් සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ප්‍රහාරාත්මක සුළං මේ අනුව බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.