ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයින් දිව්රුම්දීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
පසුගිය පළාත් පාළන ඡන්ද වීමසීමේදී ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් කළුතර, පුත්තලම හා මහනුවර දිස්ත්රික්කවල පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වු සභිකයින් දිවුරුම් දීම ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.