ඉදිරියේදී බිහි වන්නේ ජාතික ආණ්ඩුවක් නොව සන්ධාන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මේ බව කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අනිද්දා පෙරවරුවේ රැස්වීමට නියමිතයි.
ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව අවධානය යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.
