Gossips

ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන බව අගමැති කියයි

ණය බර තවදුරටත් අඩුකර ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ වතු කම්කරු ජනතාව සඳහා ඉදිකරන ලද මහත්මා ගාන්ධි පුරම් ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය – පූඩළුඔය ඩන්සින් වතු යායේ දී අද (12) එක්වෙමින්.
මෙහිදී ඉන්දීය රජයේ ආධාර ඇතිව වතුකරයේ නිවාස දස දහසක් ඉදිකිරීමේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර, අද විවෘත කෙරුණු මහත්මා ගාන්ධි පුරම් ගම්මානයේ නිවාස සඳහා පානීය ජල යෝජනා ක්‍රමයක් අග්‍රමාත්‍යවරයා අතින් විවෘත කිරීමක් ද සිදුවුණා.
මෙම උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 12ක මුදලක් වෙන් කර ඇති බවයි.