රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් ඉදිරියේදී නව දඩ ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්.
මේ අතර මෙරට වැන්දඹු කාන්තාවන්ගේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික ප්‍රශ්නයක් යොමුකර තිබූ අතර, ඊට පිළිතුරු ලබාදුන්නේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.
අයවැය කාරක සභා විවාදයේ 10 වන දිනය අදයි. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද දිනයේ විවාදයට ගැණෙනවා.
