ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙකුත් අපේක්ෂා නොකරන කණ්ඩායම් පවා එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්වන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
සෑම සතියකම අමාත්‍ය මණ්ඩල හමුව පැවැත්වෙන්නේ අඟහරුවාදා දිනයේ වුවද හෙට දිනයට යෙදී ඇති ජනපති පදවි ප්‍රාප්තිය හේතුවෙනුයි මෙලෙස අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය රැස්වුණේ.
එහිදී මේ වසරේ විසර්ජන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ඒ අනුව අද සිට සතියක කාලයක් තුළ එය ගැසට් කිරීමට නියමිත අතර, සති දෙකකින් පසු විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.