Gossips

ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී කාන්තාවක් මරුට

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඇය අසල පිහිටි දුරකථන වෙළඳසැලකට ගොස් යළිත් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.