Gossips

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු ජනපතිගේ අවධානයට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
එම යෝජනාවලිය සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේදී, ඉවත් කෙරෙන පස් සහ ගල් ප්‍රවාහනයේදී මතුව ඇති නීතිමය බාධාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවී තිබෙනවා.
එහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ කඩා ඉවත්කරන ලද ගොඩනැගිලිවල පස් සහ වැලි ඉවත්කිරීමේදී නීතිමය බාධාවකින් තොරව ඒවා ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය චක්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බවයි.