Gossips

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් ඇද වැටී දෙදෙනෙක් මරුට

දෙහිවල අනගාරික ධර්මපාල මාවතේ ඉදි කරමින් පවතින නිවාස සංකීර්ණයකින් ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මහල් 17 කින් යුත් නිවාස සංකීර්ණයක 14 වන මහලින් ඇද වැටීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇති බවයි.
මියගොස් ඇති එක් අයෙක් බිබිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙක්.
අනෙක් පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක්.
පොලිසිය සඳහන් කළේ අද දහවල් 11.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි.
එම ගොඩනැගිල්ලේ විදුලි සෝපානය සවි කරමින් සිටියදී ඔවුන් දෙදෙනා අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.