Gossips

ඉතිහාස ගත ජයකට පිත්තෙන් පාර කැපූ සුපිරි ක්‍රීඩකයා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නයා නැටූ හැටි

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ (10) පැවති තරඟය ශ්‍රී ලංකා කරමින් කඩුලු 05කින් ජය ගන්නනට බංග්ලාදේශ වුණා.
තරඟයේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.
පිළිතුරු ක්‍රීඩා කළ බංග්ලාදේශය ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේ පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරඟ ඉතිහාසයේ 04 වන විශිෂ්ඨතම හඹා යාම ඉදිරියේ බංග්ලාදේශ කණඩායමේ නම සනිටුගන් කර ගනිමින්.
ලකුණු 215ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් තරඟයේ ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායම සතුකර කර ගැනීමට පිත්තෙන් පාර කැපූ මුෂ්ෆිකර් රහීම් තරඟයේ ජයග්‍රහණය සැමරූ පිළිබඳව මේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
තරඟය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩයම අතර නිමාවූ එක්දින සහ පන්දුවර 20 තරඟාවලි අතර තුර කරළියට පැමිණි නයි නර්තනය ඉදිරිපත් කරමින් ඉතා ආවේගශීලි ලෙස මුෂ්ෆිකර් රහීම් සිය ජයග්‍රහණය සමරුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට නැවතවරක් එම නර්තනය මතක්කර දෙමින්.
එහිදී රහීම් පන්දු 35 ලකුණු 72ක් රැස් කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
ඊයේ පැවති තරඟය බංග්ලාදේශ කණ්ඩයම ජය සමඟ කණ්ඩායම් තුනම තරඟ එක බැගින් ජයගෙන සිටිනවා.
එම අවසථාව පහතින්.