Gossips

ඉතිහාස ගතවන ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාවට අද අවස්ථාව

පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟ අද (31) ආරම්භ වුණා.
ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදියි.
මෙම තරඟාවලියේ නිමාවූ තරඟ හතරම විශිෂ්ඨ ලෙස ජය ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව අද තරඟයත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයගත හොත් ආසියාවේදී එක්දින තරඟාවලියක් තරඟ පහට බිංදුවක පූර්ණ ජයග්‍රහණයක් ලැබීමට ඕස්ට්‍රේලියාවට අද හැකියාව ලැබෙනවා.
අද ආරම්භ වූ තරඟයේ කාසිය වාසිය දිනූ පාකිස්ථානය පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කළා.