ඉරාන ජනාධිපති හසාන් රව්හානි ඇමරිකාවට කළ අනතුරු ඇඟවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් දැඩි ප්රතිචාරයක් දක්වා තිබෙනවා.
සුපුරුදු ලෙස ට්විටර් පණිවුඩයක් මගින් ඔහු ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ නැවතත් කිසිදා ඇමරිකා එක්සත් ජනපදයට තර්ජනය නොකරන ලෙසයි.
එසේවුවහොත් ඉතිහාසයේ මෙතෙක් කිසිදු රටක් අත්නොදුටු අන්දමේ ප්රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපති ට්රම්ප් කියා සිටියා.
ඔහු මෙලෙස ප්රතිචාර දක්වා ඇත්තේ ඉරානය සමඟ ඇමරිකාව යුද්ධයකට එළඹුණහොත් එය සියලු යුද්ධවල මව් යුද්ධය වනු ඇති බවට ජනාධිපති රව්හානි සිදුකළ ප්රකාශයටයි.