Gossips

ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන, ‘‘හිරුට විස්සයි දවස් විස්සෙන් කාර් විස්සයි’’ අදින් ඇරඹෙයි – ට්‍රක් රථ 20 ක් තෑගි කරන්නත් හිරු සූදානම්

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් රථ සහ ට්‍රක් රථ 20 බැගින් ඔබ වෙත තිළිණ කිරීමට දැන් අප සූදානම්.
ඒ අනුව හිරු ටී.වී, ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එකක් රුපියල් ලක්ෂ 25ක් වටිනා අති නවීන සුඛෝපභෝගී මහේන්ද්‍රා රෙවා මෝටර් රථ 20ක් හිමි කර දීමට හිරු, මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.
හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් වෙනුවෙන් එකක් රුපියල් ලක්ෂ දාහතහමාරකට වැඩි වටිනාකමින් යුත් මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක් රථ 20ක් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් තිළිණ කෙරෙනවා.
රුපියල් ලක්ෂ 500 කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ ඔබ වෙත තිළිණ කෙරෙන්නේ හිරුට විස්සයි, දවස් විස්සෙන් කාර් විස්සයි වැඩසටහනෙන්.
හිරු ටෙලි පෙරහර බලන සැමට ඊට අවස්ථාව හිමිවනවා.
එහිදී සතියේ දින 5 ම රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටී.වී. ටෙලි පෙරහර නරඹන ඔබට දිනපතා එකක් රුපියල් ලක්ෂ 25 ක් වටිනා අති නවීන සුඛෝපභෝගී මහේන්ද්‍රා රෙවා මෝටර් රථ විස්සක් පහසුවෙන් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා.
20 වසරක හිරු අභිමානය වෙනුවෙන් සෑම දිනකම මෙලෙස මෝටර් රථයක් ඔබට තිළිණ කිරීමට හිරුට විස්සයි, දවස් විස්සෙන් කාර් විස්සයි වැඩසටහනෙන් අප සූදානම්.
ගුවන් විදුලි ඉතිහාසය උඩු යටිකුරු කරමින් හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 350කට අධික වටිනාකමින් යුත් මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක් රථ 20ක් මීට සමාගමීව තිළිණ කරන්නට ද 20 වන සංවත්සරය වෙනුවෙන් හිරු සියලූ කටයුතු සූදානම් කර අවසන්.
එහිදී එකක් රුපියල් ලක්ෂ දාහතහමාරකට වැඩි වටිනාකමින් යුත් මෙම ට්‍රක් රථ හිමි කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. හිරුට සවන් දෙන සැමට පහසුවෙන් ඊට අවස්ථාව සලසා ගත හැකිවීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව තුළ ප්‍රේක්ෂකයන් සහ අසන්නන් වෙනුවෙන් මෙවැනි අති දැවැන්ත තෑගි කන්දරාවක් ලබාදෙන පළමු අවස්ථාව මෙය වනවා.
හිරුගේ 20 වන සංවත්සරයේදී හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සමඟ බැදුණු සැමට මෙලෙස අති දැවැන්ත තෑගි කන්දරාවක් පිදෙන්නේ හිරු සතු වටිනාම වත්කම, ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබ වන නිසාවෙන්.