ඉතිරි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකද ඉදිරි මාස කිහිපය තුල පිහිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සිමාව තුළදී කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහ අමාත්‍යවරයෙකුගේ වැටුප වැඩි නොකළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණ යෝජනාවක් සම්මත කළ බව ද රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.