Gossips

ඉතිරි මුදල එන්නැති පේ පොයින්ට්

කොළඹ අවට ඇතැම් ස්ථානවල රථ වාහන ගාල්කර තැබීමේදී පේ පොයින්ට් නමින් තැන තැන ස්ථාපිත කර ඇති යන්ත්‍ර හරහා ටිකට් පතක් ලබාගත යුතු බවට නව නීතියක් පනවා තිබෙනවා.
යම් හෙයකින් මෙම යන්ත්‍රය හරහා ටිකට් පතක් ලබා නොගෙන එය වාහනයේ ප්‍රදර්ශනය කර නොතිබුනහොත් දඩ මුදල් අයකිරීමක් පසුගිය කාලයේ ක්‍රියත්මක කර තිබුනා.
කොළඹ ඇතැම් තැන්වල මෙම යන්ත්‍ර අක්‍රීයව පැවතිම හේතුවෙන් මෙම සේවකයන් පවසන පරිදි ටිකට් පත් ප්‍රදර්ශනය කිරීමට ඇතැම් වාහන හිමියන්ට හැකි වුයේ නැහැ.
එහෙත් අදාල පෞද්ගලික ආයතනයේ සේවකයන් පැමිණ ප්‍රවේශ පත්‍ර ප්‍රදර්ශනය කර නොමැති රථවලට දඩ කොළ නිකුත් කරන අයුරු හිරු සී.අයි.ඒ.කැමරා කාචයේ සටහන් වුණා.
කෙසේ වෙතත්, දෝෂ රැසක් මැද පවත්වාගෙන ගිය මෙම අසාධාරණ දඩ මුදල් අයකිරීමේ ක්‍රම වේදය තහනම් කළ බවයි පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් කොළඹ පුරපති රෝසි සේනානායක ප්‍රකාශ කලේ.
නවීන තාක්ෂණය භාවිතා කළ යුත්තේ ජනතාවගේ කටයුතු කඩිනම් කිරීමට මිස මෙලෙස ජනතාව සුරා කමින් ජනතාව තලා පෙළා දැමීමට ද ?
වගකිව යුත්තන් මෙම අසාධාරණයට එරෙහිව නිසි පියවර ගන්නේ කවදාද ?
හිරු සී.අයි.ඒ.ඉදිරියේදීත් මේ පිළිබද අවධානයෙන්.