Gossips

ඉතියෝපියානු නව අගමැති පිළිගැනීමේ රැළියේදී බෝම්බ පිපිරීමක්

ඉතියෝපියාවේ නව අගමැති අබි අහමඩ් පිළිගැනීම සඳහා අඩිස් – අබාබා අගනුවර පැවති දැවැන්ත රැළියක් බෝම්බ පිපිරීමක් නිසා නතර කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා රැළිය අමතා අවසන් වීමෙන් අනතුරුවයි මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
කෙසේ නමුත් ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුවී නොමැති අතර, ආරක්ෂකයන් විසින් ඉවතට රැගෙන ගිය බව සඳහන්.
පිපිරීම නිසා සිදුවූ හානි පිළිබද වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.