Gossips

ඉතියෝපියානු ගුවන් යානයක් 157 දෙනෙකු සමඟ කඩා වැටේ

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබෙනවා.
අඩිස් අබාබා අගනුවරින් නික්මුණු බෝයිං 737 වර්ගයේ මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බව සඳහන්.
අනතුර සිදුවූ ස්ථානය හෝ එය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ.
යානයේ ගමන් ගත් මගීන්ගේ පවුල් වෙත ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය කණගාටුව පළ කිරිමේ නිවේදනයක් නිකුත් කළා.
ඉතියෝපියානු ගුවන් සේවය අප්‍රිකාවේ විශාලතම ගුවන් සේවය වන අතර, මහද්වීපයේ පිවිසුම් දොරටුව බවට පත්වීමේ අරමුණින් සිය මෙහෙයුම් පසුගිය කාලය තුළ පුළුල් කළා.
මේ අතර ලොවට අභිරහසක් ඉතිරි කරමින් මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියාවේ MH 370 ගුවන් යානය අතුරුදහන් වී පසුගිය 8 වනදාට අදට වසර 5 ක් සපිරුනා.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නගරය දක්වා පියාසර කරමින් තිබියදී එම යානය අතුරුදන් වූ සිදුවීම සැලකෙන්නේ මෑත ඉතිහාසයේ සිදුවූ අබිරහස් සිදුවීම් අතරින් ප්‍රමුඛතම සිද්ධිය ලෙසයි.