Gossips

ඉතාලි මහමැතිවරණයෙන් අවිනිශ්චිත ප්‍රතිඵලයක්

පසුගිය ඉරිදා පැවැති ඉතාලි මහමැතිවරණයෙන් සංක්‍රමණිකයන් සහ ආර්ථිකය පිළිබඳ ජනප්‍රිය අදහස් දරණ දේශපාලන සන්ධානයන් ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.
අගමැති මැට්ටියෝ රෙන්සිගේ වාමාංශික සන්ධානයට හිමි වී ඇත්තේ සියයට 22.8ක ඡුන්ද ප්‍රතිශතයක්.
එහි වගකීම භාරගෙන ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. මැට්ටියෝ සැල්විනිගේ දක්ෂිණාංශික සන්ධානය සියයට 37ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන
ඇති අතර, ලුයිගි ඩි මායෝගේ තරු පහේ ව්‍යාපාරය සියයට 32.6ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ට රජයක් පිහිට විය හැකි බවයි.
කෙසේ නමුත් හිටපු අගමැති සිල්වියෝ බර්නල්කෝනිගේ දක්ෂිණාංශික සන්ධානය රජයක් පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂ සමඟ සන්ධානගතවීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.