Gossips

ඉතාලිය හරවා යැවූ සංක්‍රමණික නැව ස්පාඤ්ඤය භාරගනී

ඉතාලිය සහ මෝල්ටාව විසින් ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 630 දෙනෙකු රැගත් නෞකාව අද ස්පාඤ්ඤයේ වැලන්සියා වරාය වෙත ළඟාවීමට නියමිතයි.
මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික යාත්‍රා 3 ක සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් මුදාගත් ඇක්වේරියස් නෞකාව ඉතාලියේ සංක්‍රමණික විරෝධී නව රජය විසින් හරවා යවනු ලැබුවා.
ස්පාඤ්ඤයේ සමාජවාදී රජය සංක්‍රමණික නෞකාව පිළිගැනීමට පියවර ගෙන ඇති අතර, අගමැති පෙඞ්රෝ සංචෙස් කියා සිටියේ මානුෂීය වගකීම් සළකා එලෙස ඔවුන් තම රට වෙත පිළිගන්නා බවයි.
එහිදී ඔවුන්ගේ සරණාගත අයදුම්පත් ඇගයීමට ලක් කෙරෙනු ඇති.
මෙම සංක්‍රමණික පිරිසට දෙමාපිය රැකවරණයකින් තොර බාලවයස්කරුවන් 123 දෙනෙකු මෙන්ම ගැබිණි මව්වරුන් හත්දෙනෙකුද ඇතුළත්.