Gossips

ඉතාලිය, චීනය සමඟ ආයෝජන ගිවිසුමකට

ආසියාකරය සහ යුරෝපය යා කරන චීනයේ නව සේද මාර්ගයට G-7 කණ්ඩායමට අයත් ප්‍රථම බටහිර රාජ්‍යය ඊයේ එක්වුණා.
ඒ, චීනයේ වෙළඳ සම්බන්ධතා මාර්ගයට එක්වීම සඳහා ඉතාලි අග්‍රාමාත්‍ය ගියුසෙපේ කොන්ටේ අත්සන් තැබීමෙන්.
ඒ සඳහා චීන ජනාධිපති ෂී ජිං පිං ද රෝම නුවරට පැමිණ සිටියා. කෙසේ නමුත් ඉතාලිය චීන සේද මාර්ගයට එක්වීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය නොසතුටෙන් පසුවන බව සඳහන්.
චීන ජනාධිපති ෂී ජිං පිං සහ ඉතාලි අග්‍රාමාත්‍යවරයා අවබෝධතා ගිවිසුම් 29 කට අත්සන් තැබූ අතර, ඒවායේ වානිජ වටිනාකම යුරෝ බිලියන 5 ත් 7 ත් අතර වන බව ඉතාලි මාධ්‍ය සඳහන් කළා.