Gossips

ඉතාලියේ රාත්‍රී සමාජශාලාවක තෙරපීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ඉතාලියේ නැගෙනහිර වෙරළාසන්න ඇන්කෝනා නගරයේ රාත්‍රී සමාජශාලාවක ඊයේ රාත්‍රියේ ඇතිවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, දසදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ.
ජනයාගෙන් පිරී පැවති රාත්‍රී සමාජශාලාව තුළදී කිසිවෙකු ගම්මිරිස් කුඩු විසුරුවීමත් සමඟ මෙලෙස තෙරපීමක් ඇතිවූ බව ඇතැම් වාර්තා සඳහන් කළා.
එය මෙතෙක් නිල වශයෙන් සනාථ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.