දකුණුදිග ඉතාලියේ ඇතිවූ හදිසි ජලගැල්මකට මැදිවූ කඳු නඟින්නන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉතාලියේ – කැලබ්‍රියා ප්‍රදේශයේ පිහිටි ජාතික උද්‍යානයක කඳු තරණය කිරීමට එක්ව සිටි පිරිසක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජල ගැල්මට හසුව සිටි 18 දෙනෙකු මුදාගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් කටයුතු කර ඇති බව සඳහන්.
