Gossips

ඉඩායි සුළි සුළඟ මොසැම්බික් දේශයේ, දහසක් බිළි ගනී

ඉඩායි සුළි සුළඟ හේතුවෙන් අප්‍රිකානු මොසැම්බික් දේශයේ මරණ සංඛ්‍යාව දහස ඉක්ම විය හැකි බව එරට ජනාධිපති ෆිලීපේ නියුසි පවසනවා.
අප්‍රිකානු මහද්වීපයට බලපෑ දරුණුතම චණ්ඩ මාරුතයක් වූ එය පසුගිය බ්‍රහස්පතින්දා මොසැම්බික් දේශයේ බෙයිරා වරාය නගරයෙන් ඇතුළු වුණා.
එමගින් නිවාස හා දේපළවලට විශාල හානියක් සිදුවූ අතර ජල ගැලීම් නිසා පුද්ගලයින් 84 දෙනෙකු මිය ගියා.
කෙසේ නමුත්, විනාශකාරී සුළි සුළෙඟ් බලපෑමෙන් ඇති වූ ජීවිත හානි සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බවයි මොසැම්බික් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
සුළි සුළඟින් අනෙකුත් දකුණුදිග අප්‍රිකානු රටවල පුද්ගලයන් 180 දෙනෙකු මිය ගොස් තිබෙනවා.