ඌව, වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශවල අක්කර 62,500 ක් සිංගප්පූරුවේ බහුජාතික සමාගමකට උක් වගාව පිණිස ලබාදෙන බව පවසමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ අද කොළඹ දී උද්ඝෝෂණයක නිරත වුණා.
මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසලින් ආරම්භ වූ මෙම විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පැමිණීමත් සමඟ ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගත්තා.
අනතුරුව ප්‍රදේශයේ මහ සංඝ රත්නය ඇතුලූ පිරිසක් අත්සන් කළ පෙත්සමක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක වෙත භාරදුන් බවයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ.
